Posts

ICT

Image
ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම ලිපි පළ කරනු ලැබේ.  ඔබට https://www.elearntools.lk වෙබ් අඩවිය තුල ලියාපදිංචි වී එහි නොමිලයේ ලබාදෙන සේවා හා අනෙකුත් සේවා ලබා ගත හැක. To download Textbooks :- http://www.edupub.gov.lk To download Syllabus :- http://www.nie.lk පරිගණකයක් යනු කුමක් ද? දත්ත ආදානය කළවිට යම් උපදෙසකට අනුව තොරතුරු නිර්මාණය කරනු ලබන විද්‍යූත් උපරකණයකි. මෙහි මූලිකවම ආදාන, සැකසුම්, ආචයන හා ප්‍රතිදාන යන උපපද්ධතිවලින් සමන්විත වේ. පරිගණකයක මූලික කාර්යයන් මොනවාදැයි බලමු. පරිගණක පද්ධතියක් සැලකූවිට එහි දත්ත ආදානය , සැකසුම, ආචයනය හා ප්‍රතිදානය යන මූලික කාර්යයන් දැකිය හැකිය. පරිගණක පද්ධතියක මූලික සංරචක මොනවාදැයි බලමු. 1. දෘඩාංග - Hardware 2. මෘදුකාංග - Software 3. ජීවාංග - Liveware 4. ස්ථිරාංග - Firmware දෘඩාංග පරිගණකයක ඇති භෞතික කොටස් / අතින් ඇල්ලිය හැකි කොටස්  උදා :- යතුරු පුවරුව, මූසිකය, සකසනය, පරිගණක තිරය, ස්පීකර්, මවුපුවරුව, මයික්‍රොෆෝනය  මේවා ආදාන, ප්‍රතිදාන, සැකසුම්, ආචයන, සන්නිවේදන ලෙස ප්‍රධාන කාණ්ඩ 5කට බෙදිය හැක...